Ultimate magazine theme for WordPress.

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශතකලාභී ශ්‍රී ලංකා පිතිකරුවන්

බටහිර ඉන්දිය කොදෙව් දූපත් හී දී පැවැත්වෙන මෙවර යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 05 වන ස්ථානය තේරීම සදහා පැවැත්වෙන ප්‍රථම අවසන් පූර්ව තරගයේදී නායකත්වයේ ඉනිමක් දියත් කරමින් විශිෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ අද (30) සමත්වුණා.

ඔහු මෙම සුවිශේෂී දස්කම ප්‍රදර්ශනය කළේ දකුණු අප්‍රිකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිවයි.

පන්දු 130 කට මුහුණ දෙමින් දුනිත් වෙල්ලාලගේ වාර්තා කළ ලකුණු 113 සදහා හයේ පහරවල් 4 ක් සහ හතරේ පහරවල් 9 ක් ඇතුළත් වුණා.

දුනිත්ගේ මෙම ශතකය ඉතිහාසගත වුණේ යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ 09 වන ශතකය ලෙසයි.

මීට පෙර යොවුන් ලෝක කුසලාන තරගාවලියන් හී දී ශතක වාර්තා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ලැයිස්තුව මෙසේයි –

  1. උපුල් තරංග – 2004 යොවුන් ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 140 කට මුහුණ දෙමින් ලකුණු 117 ක් රැස්කලා.
  2. සඳුන් වීරක්කොඩි – 2012 යොවුන් ලෝක කුසලානයේදී අයර්ලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 121 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 112 ක් රැස්කළා.
  3. හෂාන් දුමිඳු – 2014 යොවුන් ලෝක කුසලානයේදී එක්සත් අරාබී එමීර් රාජ්‍ය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 118 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 113 ක් රැස්කළා.
  4. ධනංජය ලක්ෂාන් – 2018 යොවුන් ලෝක කුසලානයේදී අයර්ලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 120 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 101 ක් රැස්කළා.
  5. හසිත බොයගොඩ – 2018 යොවුන් ලෝක කුසලානයේදී කෙන්යා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 152 කට මුහුණ දෙමින් ලකුණු 191 ක් රැස්කළා.
  6. නිශාන් මධුශ්ක ප්‍රනාන්දු – 2018 යොවුන් ලෝක කුසලානයේදී සිම්බාබ්වේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 135 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 109 ක් රැස්කළා.
  7. හසිත බොයගොඩ – 2018 යොවුන් ලෝක කුසලානයේදී බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 124 කට මුහුණ දෙමින් ලකුණු 116 ක් රැස්කළා.
  8. රවිඳු රසන්ත – 2020 යොවුන් ලෝක කුසලානයේදී නයිජීරියා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 111 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 102 ක් ලබා ගත්තා.
Leave a comment