යොවුන් ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ; ශ්‍රී ලංකාව D කාණ්ඩයට

2022 වයස අවුරුදු 19න් පහළ අයි.සී.සී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය අද(17) පස්වරුවේ ප්‍රකාශයට පත් කළා.
තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී පැවැත්වෙන අතර, ඊට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 16ක්.
තරග 48කින් යුත් යොවුන් ලෝක කුසලාන තරගාවලිය ජනවාරි 14 වනදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා ක්‍රීඩාංගන 10කදී පැවැත්වීමට නියමිතයි.
ඇන්ටිගුවා සහ බාබියුඩා, ගයානා, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ යන කැරබියන් රටවල් හතරෙහි ක්‍රීඩාංගන 10ක් එලෙස තරගාවලිය වෙනුවෙන් යොදා ගන්නා බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
නිරෝධායන නීති රීති සම්බන්ධයෙන් පවතින ගැටලුවක් හේතුවෙන් නවසීලන්ත යොවුන් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.
ඔවුන් වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම තරගාවලියට ආදේශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම D කාණ්ඩයෙන් තරග වදින අතර, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඔස්ට්‍රේලියාව, ස්කොට්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්වන්.
තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජනවාරි 14 වැනිදා ගයානා හී දී පැවැත්වෙනවා.
දෙවැනි තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ශාන්ත කිට්ස් සහ නෙවිස් හී දී පැවැත්වෙන්නේ ජනවාරි 17 වැනිදායි.
මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජනවාරි 21 වනදා ශාන්ත කිට්ස් සහ නෙවිස් හී දී ම පැවැත්වීමට නියමිතයි. (සම්පූර්ණ තරග කාලසටහන පහතින්)
ICC U19 Men’s Cricket World Cup Groupings:
Group A – Bangladesh, England, Canada, United Arab Emirates
Group B – India, Ireland, South Africa, Uganda
Group C – Afghanistan, Pakistan, Papua New Guinea, Zimbabwe
Group D – Australia, Scotland, Sri Lanka, West Indies
ICC U19 Men’s Cricket World Cup Venues:
St Kitts and Nevis – Warner Park, Conaree, (Sandy Point – Warm-up match venue only)
Guyana – Guyana National Stadium, (Everest – Warm-up match venue only)
Trinidad and Tobago – Brian Lara Cricket Ground, Queens Park Oval, Diego Martin
Antigua and Barbuda – Sir Vivian Richards Cricket Ground, Coolidge Cricket Ground
