Ultimate magazine theme for WordPress.

යොවුන් ආසියානු කුසලානයේ තරග කාලසටහන වෙනස් වෙයි; ශ්‍රී ලංකාව හෙට තරග බිමට

මෙවර යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් හෙට(23) පැවැත්වෙන තරග අතරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ක්‍රීඩා කරන තරගයක් ද ඇතුළත් කිරීමටයි තරගාවලි සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

මීට පෙර පැවැති තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණේ එළඹෙන 24 වනදා කුවේට් කණ්ඩායමට එරෙහිවයි.

කෙසේ වෙතත්, නව තරග කාලසටහනට අනුව එම තරගය හෙට(23) දිනයේ දී පැවැත්වෙන අතර, ඒ වෙනුවට, හෙට පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ – නේපාල තරගය අනිද්දා(24) දිනය දක්වා කල් දමා තිබෙනවා.

සෙසු තරගවල කිසිදු වෙනසක් සිදු කර නැහැ.

ඒ අනුව හෙට දිනයේ දී යොවුන් ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් A කාණ්ඩය යටතේ ඉන්දියාව හා සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානයත් තරග වැදීමට නියමිතයි.

B කාණ්ඩය යටතේයි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා කුවේට් යොවුන් කණ්ඩායම අතර තරගය හෙට පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකාව මූලික වටයේ දී ක්‍රීඩා කරන තරග තුනම සාජා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

නව තරග කාලසටහන –

ACC
Leave a comment
logo