Ultimate magazine theme for WordPress.

යුනිස් ඛාන් හා උමාර් ගුල්ට ඇෆ්ඝනිස්තානයෙන් තනතුරු

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුනිස් ඛාන් හා පන්දු යැවීමේ උපදේශක පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් පත් කර තිබෙනවා.

දින 15ක කාලයක් සදහා පමණක් කෙටි කාලීන කොන්ත්‍රාත්තුවක් ඔවුන් සමග අත්සත් තබා ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

යුනිස් ඛාන් හා උමාර් ගුල් අබුඩාබි හී දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග එක්ව කටයුතු කරනු ඇති.

මේ වන විට ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අබුඩාබි හී දී පුහුණු කදවුරකට එක්ව සිටිනවා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ඉදිරි ජාත්‍යන්තර තරගාවලි අරමුණු කර ගනිමිනුයි එම පුහුණු කදවුර සංවිධාන කර ඇත්තේ.

ඇෆ්ඝනිස්තානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ග්‍රැහැම් තෝර්ප් පත් කිරීමට ද එරට ක්‍රිකට් ආයතනය පසුගියදා කටයුතු කළා.