මොහමඩ් ෂාමි කැදවමින් ඉන්දීය T20 සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
වළලුකර ආබාධයකට ලක්ව ශල්‍යකර්මයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි යළි ජාතික සංචිතය සදහා කැදවා තිබීම විශේෂත්වයක්. ඔහු 2023 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.
සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ අක්සාර් පටෙල්.
සංජු සැම්සන් සංචිතයේ කඩුලු රකින ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා. රිෂාබ් පන්ට් සංචිතයට ඇතුළත් කර නොමැති අතර, ඔහු සමග යශස්වි ජයිස්වාල් හා ෂුබ්මන් ගිල් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති බවක් දක්නට ලැබෙනවා.
ඔස්ට්‍රේලියාවට එරෙහි පස්වැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වූ ජස්ප්‍රිට් බුම්රා ද සංචිතයට නම් කර නැහැ. රියාන් පරාග් ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් මෙම සංචිතය සදහා සලකා බලා නැහැ.
India’s squad for T20I series against England:
Suryakumar Yadav (C), Sanju Samson (wk), Abhishek Sharma, Tilak Varma, Hardik Pandya, Rinku Singh, Nitish Kumar Reddy, Axar Patel (vc), Harshit Rana, Arshdeep Singh, Mohammad Shami, Varun Chakaravarthy, Ravi Bishnoi, Washington Sundar, Dhruv Jurel (wk).
Series Details:
1st T20I – January 22, Kolkata
2nd T20I – January 25, Chennai
3rd T20I – January 28, Rajkot
4th T20I – January 31, Pune
5th T20I – February 2, Mumbai