Ultimate magazine theme for WordPress.

මොරිස්, ෆෆ් ඉවතට; T 20 ලෝක කුසලානයට දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය අද(9) ප්‍රකාශයට පත් කෙරුණා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ද නම් කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඉම්රාන් තහීර් හා ජෙනමන් මලාන් මෙම සංචියට නම් කර නැහැ.

මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති කේෂාව් මහරාජ් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර ඇත්තේ George Linde, Andile Phehlukwayo හා Lizaad Williams.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වන අතර, තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 23 වනදා ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Squad : Temba Bavuma, Quinton de Kock, Bjorn Fortuin, Reeza Hendricks, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, WIaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen

 

Leave a comment
logo