මොයීන් අලී ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට කැදවයි

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා එංගලන්තය සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී කැදවා තිබෙනවා.
34 හැවිරිදි අලී අවසන් වරට ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ දී යි.
ඒ, එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගය සදහායි.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 12 වනදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
මොයීන් අලී අද(10) දිනයේ දී ටෙස්ට් සංචිතය සමග එක් වන බවත්, අද පස්වරුවේ සිට සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම් ආරම්භ කරන බවත්, එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.
England Men’s Test Squad:
Joe Root (Yorkshire) Captain, Moeen Ali (Worcestershire), James Anderson (Lancashire), Jonny Bairstow (Yorkshire), Dom Bess (Yorkshire), Stuart Broad (Nottinghamshire), Rory Burns (Surrey), Jos Buttler (Lancashire), Zak Crawley (Kent), Sam Curran (Surrey), Haseeb Hameed (Nottinghamshire), Dan Lawrence (Essex), Jack Leach (Somerset), Craig Overton (Somerset), Ollie Pope (Surrey), Ollie Robinson (Sussex), Dom Sibley (Warwickshire), Mark Wood (Durham)