මොයීන් අලීට ඉන්දියාවට පැමිණීමට අවසර

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී අද(24) දිනයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිත බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය වීසා ලබා ගැනීමට ඔහු සමත් වීමත් සමගයි.
වීසා ලබා ගැනීමට පසුගිය කාලයේ දී මොයීන් අලී දැඩි උත්සායක නිරත වූ අතර, ඒ අනුව ඊයේ(23) දිනයේ දී වීසා ලබා ගැනීමට ඔහුට හැකි වී තිබෙනවා.
අද පස්වරුවේ දී මොයීන් අලී මුම්බායි නුවරට ළගා වන බවත්, අනතුරුව නිරෝධායනය සදහා යොමු වන බවත් චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරී Kasi Viswanathan සදහන් කළා.
කෙසේ වෙතත්, වීසා ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලිය යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.