Ultimate magazine theme for WordPress.

මොයින් අලී විශ්‍රාම ගැනීමේ තීරණය ආපසු හරවමින් අළුබදුන තරගාවලියට

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගෙන සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී එම තීරණය වෙනස් කරමින් යළි ටෙස්ට් පිිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වීමට නියමිත තරග 5 කින් යුත් අළුබදුන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන එංගලන්ත සංචිතයට ද මොයින් අලී නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජැක් ලීච් පිට කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර අළුබදුන තරගාවලියෙන් ඉවත් කිරීමට පසුගියදා පියවර ගැණුනා.

ඒ අනුව ඔහු වෙනුවටයි මොයින් අලී සංචිතයට ආදේශ කර ඇත්තේ.

එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් හා පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් කළ ඉල්ලීමක් සලකා බලා මොයින් අලී මෙලෙස යළි ටෙස්ට් පිටියට පැමිණ ඇති බව සදහන්.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි මොයීන් අලී ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබුණේ.