මේ තණතීරුවේ 50ක් කියන්නේ 100ක් වගේ. ඒකයි මම එහෙම කරේ : ෂ්රෙයස් අයියර්

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී තමා ක්‍රීඩා කළ පළමු පන්දු කිහිපය පිතිකරණයේ නිරත වීමට ඉතා අපහසු වූ බව ඉන්දීය මැදපෙල පිතිකරු ෂ්රෙයස් අයියර් පවසනවා.
බැංගලූරුහි පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.
“මම ක්‍රීඩා කළ පළමු පන්දු පහ ඇත්තෙන්ම අමාරුයි. තේ පානයට පෙර දෙවැනි අවසන් පන්දුවාරය ඒක. මම ගොඩක් කලබල වුණා. මට ඕන වුණේ කොහොම හරි ඒ පන්දුවාර දෙක ක්‍රීඩා කරන්න. ඊට පස්සේ මම දැනගෙන හිටියා මම කරන්න යන දේ.” යනුවෙන් ෂ්රෙයස් අයියර් සදහන් කළා.
පිතිකරුවන්ට ඉතා අසීරු තණතීරුවක් වූ මෙම බැංගලූරු තණතීරුව තුළ ෂ්රෙයස් අයියර් පන්දු 98කින් ලකුණු 92ක් ලබා ගත්තා.
ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 10ක් සමගින්.
දග පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය තණතීරුවක් වූ මෙම තණතීරුව තුළ තරගයේ පළමු දිනයේ දී ම පන්දුව දැඩි දග කැවීමක් දක්නට ලැබුණා.
එමෙන්ම ඇතැම් අවස්ථාවල පන්දුව පහළින් ගමන් කළ අතර, ඇතැම් පන්දු අපේක්ෂා නොකළ මට්ටමට වඩා ඉහළින් ගමන් කරනු ද දක්නට ලැබුණා.
ඉන්දීය පළමු ඉනිමේ දී සිය අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසුව ෂ්රෙයස් අයියර් එය සමරනු ලැබුවේ ශතකයක් වාර්තා කළ අයුරින්.
පළමු දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඒ සම්බන්ධයෙන් ද ඔහු අදහස් පල කළා.
“කණ්ඩායම ගැන බැලුවොත් අපි සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් රැස් කරලා තියෙනවා. 250ක් කියන්නේ හොද ලකුණු සංඛ්‍යාවක්. ඇත්තටම මට කණගාටුවක් නැහැ (ශතකය අහිමි වීම ගැන) මම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරනකොට මම ක්‍රීඩා කරන්නේ කණ්ඩායම වෙනුවෙන්, මම වෙනුවෙන් නෙවෙයි. ඒ අර්ධ ශතකය, ශතකයක් වගේ (මෙම තණතීරුව තුළ). ඒකයි මම ශතකයක් වාර්තා කළා වගේ අර්ධ ශතකය සැමරුවේ”
🗣️🗣️ "Have no regrets on missing a ton, I play for the team." #TeamIndia batter @ShreyasIyer15 speaks about his brilliant 92-run knock on Day 1⃣ of the @Paytm #INDvSL pink-ball Test. 👍 👍 pic.twitter.com/oty0Cm71Wj
— BCCI (@BCCI) March 13, 2022