Ultimate magazine theme for WordPress.

මෙහිදිට තරග රටා තුනෙන්ම කොන්ත්‍රාත් ; බංග්ලාදේශ ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් මෙන්න

2023 තරග වාරය සදහා මධ්‍යම කොන්ත්‍රාත්ගත වූ ක්‍රීඩකයන් 21 දෙනෙකුගේ ලැයිස්තුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

එහිදී මෙහිදි හසාන්ට තරග රටා ත්‍රිත්වයටම අදාළව කොන්ත්‍රාත් ගිවිසුමක් හිමිව තිබීම විශේෂත්වයක්.

ඔහුට අමතරව ශකිබ් අල් හසාන්, ටස්කින් අහ්මඩ් හා ලිටොන් දාස් යන ක්‍රීඩකයින්ට ද තරග රටා ත්‍රිත්වයටම අදාළව කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව තිබෙනවා.

වසර ගණනාවක් තරග රටා ත්‍රිත්වයේම කොන්ත්‍රාත් හිමි වූ මුෂ්ෆිකර් රහීම් මෙවර එක්දින හා ටෙස්ට් යන තරග රටා සදහා කොන්ත්‍රාත් හිමි කර ගෙන ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශොරිෆුල් ඉස්ලාම්ට ද තරග රටා ත්‍රිත්වයේම කොන්ත්‍රාත් ගිවිසුම් මෙවර අහිමි වී තිබෙනවා.

ශඩ්මන් ඉස්ලාම්, මහ්මුදුල් හසාන්, නයීම් ශෙයික් හා යසීර් අලී යන ක්‍රීඩකයින් සිව් දෙනාට මෙවර මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි වී නැහැ.

මේ අතර, ඉන්දියාවට එරෙහිව මෑතකදී ඉහළ දක්ෂතා පෙන්නුම් කළ සාකීර් හසාන්ට ටෙස්ට් අංශයෙන් කොන්ත්‍රාත් ගිවිසුමක් හිමිව තිබෙනවා.

කලෙඩ් අහ්මඩ්ට ටෙස්ට් කොන්ත්‍රාත්තුවක් මෙවර හිමිව ඇති අතර, මොසඩැක් හොසේන් හා හසාන් මහ්මුද් 20යි 20 කොන්ත්‍රාත් ගිවිසුම් හිමි කර ගැනීමට මෙවර සමත්ව තිබෙනවා.

All formats: Shakib Al Hasan, Litton Das, Taskin Ahmed and Mehidy Hasan.

Tests and ODIs: Tamim Iqbal and Mushfiqur Rahim.

Only Tests: Mominul Haque, Taijul Islam, Ebadat Hossain, Khaled Ahmed and Zakir Hasan.

Only ODIs: Mahmudullah

Test and T20s: Nazmul Hossain and Nurul Hasan.

ODIs and T20Is: Mustafizur Rahman, Afif Hossain, Shoriful Islam.

Only T20Is: Mahedi Hasan, Mossadek Hossain, Nasum Ahmed, Hasan Mahmud.