මෙවර Road Safety තරගාවලියට කණ්ඩායම් 8 ක් ; නායකයින් 8 දෙනා මෙන්න

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා කණ්ඩායම් 8ක් එක් වීමට නියමිතව ඇති බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා.
පසුගිය තරගාවලිය සදහා ඉන්දීය ලෙජන්ඩ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්, එංගලන්ත ලෙජන්ඩ්ස්, ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස්, බංග්ලාදේශ ලෙජන්ඩ්ස් හා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් ක්‍රීඩා කළා.
මෙවර තරගාවලිය සදහා නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම ද එක්වන බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.
නවසීලන්ත ලෙජන්ඩ්ස් සංචිතය ද අද නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර, කණ්ඩායමේ නායකත්වය දරන්නේ රෝස් ටේලර්.
මෙවර Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාවේ Kanpur, Raipur, Indore හා Dehradun හී දී තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.
සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙසත්, බ්‍රයන් ලාරා කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙසත්, ඉයන් බෙල් එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙසත්, ජොන්ටි රෝඩ්ස් දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ලෙසත්, ශේන් වොට්සන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙසත්, මොහමඩ් රෆික් බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කිරීමට නියමිතයි.
නවසීලන්ත ලෙජන්ඩ්ස් සංචිතය –
