මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්කට වසරක තහනමක් සමග මිලියන 10ක දඩයක්

විනය ගැටලු හේතුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කෙරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුව විසින් සිදු කළ නිර්දේශ අනුවයි.
ඊට අමතරව අදාළ ක්‍රීඩකයින් තිදෙනාට මාස 6ක දේශීය තරග තහනමක්ද පනවා ඇති බව සදහන්.
එමෙන්ම එක් ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 10 බැගින් වන දඩ මුදලක්ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
තවද එම ක්‍රීඩකයින්ට වසර දෙකකට අත්හිටුවූ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ද පනවා තිබෙනවා.
එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ.