Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස්ගේ ප්‍රහාරය හමුවේ පළමු තරගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

Lunch Report

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට ක්‍රයිස්චර්ච් නුවර හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටිම් සවුතිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 120 ක්.

නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 73 ක් පන්දු 51 කින් ලබා සිටින්නේ හතරේ පහර 15 කින් සිය ඉනිම වර්ණවත් කරමින්. ඔහු සිය අර්ධ ශතකය පන්දු 40 කින් වාර්තා කිරීම කැපී පෙනුණා. එය ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී සංචාරක කණ්ඩායමක පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයයි.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 33(62) යි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 14 කට සීමා කරමින් ඕෂද ප්‍රනාන්දු ලකුණු 13(31) කට දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේයි. අනතුරුව දිමුත් හා කුසල් අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු ලකුණු සම්බන්ධතාවය 106(103) ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු හා ලහිරු කුමාර යන වේග පන්දු යවන්නන් තිදෙනා ක්‍රීඩා කරනු ලබනවා.

නවසීලන්තය වෙනුවෙන් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු ක්‍රීඩා කරන අතර, ඒ අනුව ටිම් සවුති, මැට් හෙන්රි, නෙයිල් වෑග්නර් හා බ්ලෙයාර් ටික්නර් කණ්ඩායමට ඇතුළත්.

ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක :

Sri Lanka XI : Oshada Fernando, Dimuth Karunaratne(c), Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Niroshan Dickwella(w), Kasun Rajitha, Prabath Jayasuriya, Asitha Fernando, Lahiru Kumara

New Zealand XI: Tom Latham, Devon Conway, Kane Williamson, Henry Nicholls, Daryl Mitchell, Tom Blundell(w), Michael Bracewell, Tim Southee(c), Matt Henry, Neil Wagner, Blair Tickner