Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස්ගෙන් වේගවත් ඉනිමක් ; ශ්‍රී ලංකාව පළමු ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද (4) ක්‍රයිස්ච්ර්ච් හි Lincoln නුවර Bert Sutcliffe Oval ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

නවසීලන්තයට (NEW ZEALAND XI) එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 276 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 21 ක් ලබා සිටියදීයි. ඔහු සමග ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු පන්දු 111 කින් ලකුණු 78 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. හයේ පහරක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අංක 3 පිතිකරු වූ කුසල් මෙන්ඩිස් පන්දු 87 කින් වේගවත් ලකුණු 95 ක් ලබා ගත්තා. හයේ පහර 2 ක් හා හතරේ පහර 16 ක් මෙන්ඩිස්ගේ ඉනිමට ඇතුළත් වුණා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 38 (70) ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 35 (45) ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී JW Hartshorn, SB Davey, RM ter Braak හා TF van Woerkom එක් කඩුල්ල බැගින් දවා ගත්තා.