මූඩි ඉවතට ; සන්රයිසස් පුහුණුකරු ධූරය ලාරාට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බ්‍රයන් ලාරා පත් කර තිබෙනවා.
ඒ, මෙතෙක් පුහුණුකරු ලෙස කටයුතු කළ ටොම් මූඩි වෙනුවටයි.
මූඩි 2013 වසරේ සිට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.
2016 වසරේ දී සන්රයිසස් කණ්ඩායම අයි.පී.එල් ශූරතාවය ජය ගත්තේ ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.
නව පුහුණුකරු ලෙස පත් කෙරුණු බ්‍රයන් ලාරා සන්රයිසස් කණ්ඩායම සමග පසුගිය තරග වාරයේ දී එක් වුණේ උපාය මාර්ගික උපදේශක හා පිතිකරණ පුහුණුකරු ලෙසයි.