Ultimate magazine theme for WordPress.

මුහුණේ පන්දුව වැදුණු Yannic Cariah සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවතට

නාසයේ සිදු වූ අස්ථි බිදීමක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන් බටහිර ඉන්දීය කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක Yannic Cariah ට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මේ දිනවල සිම්බාබ්වේ හී දී පැවැත්වෙන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට Kevin Sinclair සංචිතයට ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඔහු අද දිනයේ දී හරාරේ නුවර වෙත ළගා වීමට නියමිතයි. කොදෙව්වන් ක්‍රීඩා කරන මීලග තරගය ලබන පළමු වැනිදා පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයට එරෙහිවයි.

පුහුණුවීම් අතරතුර දී පන්දුවක් මුහුණේ වැදීම හේතුවෙනුයි Yannic Cariah මෙම ආබාධයට මුහුණ දී තිබුණේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආරම්භ වීමට දිනකට පෙර ඔහු මෙම අනතුරුට ලක් වී තිබුණා.

අනතුරුව සිම්බාබ්වේ හි හරාරේ නුවර දී ඔහු ශල්‍යකර්මයකට මුහුණ දුන්නා.