Ultimate magazine theme for WordPress.

මුස්ටර්ෆිසුර් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට කැදවයි

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන බංග්ලාදේශ සංචිත නිවේදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

ටෙස්ට් සංචිතය සදහා වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රෙහ්මාන් නම් කර තිබීම විශේෂත්වයක්.

මුස්ටර්ෆිසුර්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පසුගිය කාලයේ දී උද්ගතව තිබුණේ ඔහු යළි ටෙස්ට් ක්‍රීඩා කිරීමට එක් නොවනු ඇති බවට මුස්ටර්ෆිසුර් රෙහ්මාන් විසින් මීට පෙර ඉගි පල කර තිබීම හේතුවෙන්.

සිය ක්‍රීඩා දිවිය දීර්ඝ කර ගැනීම වෙනුවෙන් එවැනි තීරණ ගැනීමට සිදු වනු ඇති බවටයි ඔහු පෙන්වා දී තිබුණේ.

නමුත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය වූයේ ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීම අවශ්‍ය බවයි.

ඒ අනුව ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී ඔහුට ලිපියක් ද යොමු කරමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද ඔහුගේ ස්ථාවරය විමසා තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් මුස්ටර්ෆිසුර් රෙහ්මාන් සදහන් කර ඇත්තේ තමා ටෙස්ට් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි.

මෙහිදි හසාන් ද යළි සංචිතයට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මුෂ්ෆිකර් රහීම් මෙම තරගාවලියට එක් නොවීමට තීරණය කළ බැවින්, ඔහුව කොදෙව් සංචාරයට නම් කර නැහැ.

බංග්ලාදේශ කණ්ඩායම කොටස් 3ක් වශයෙන් ජූනි 3, 5 හා 6 යන දිනවලදී කොදෙව් දූපත් කරා පිටත්ව යාමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූනි 16 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Test squad: Mominul Haque (C), Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Shakib Al Hasan, Liton Das, Mosaddek Hossain, Yasir Ali, Taijul Islam, Mehidy Hassan, Ebadot Hossain, Khaled Ahmed, Rejaur Rahman Raja, Shohidul Islam, Mustafizur Rahman and Nurul Hasan Sohan.

ODI squad: Tamim Iqbal (C), Liton Das, Najmul Hossain Shanto, Shakib Al Hasan, Yasir Ali, Mahmudullah, Afif Hossain, Mosaddek Hossain, Nurul Hasan Sohan, Mehidy Hassan, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman, Ebadot Hossain, Nasum Ahmed, Mohammad Saifuddin and Anamul Haque Bijoy.

T20I squad: Mahmudullah (C), Munim Shahriar, Liton Das, Anamul Haque Bijoy, Shakib Al Hasan, Afif Hossain, Mosaddek Hossain, Nurul Hasan Sohan, Yasir Ali, Mahedi Hasan, Mustafizur Rahman, Shoriful Islam, Shohidul Islam, Nasum Ahmed and Mohammad Saifuddin.