Ultimate magazine theme for WordPress.

මුම්බායි සුපිරි පිතිකරු IPL තරගාවලියෙන් ඉවතට

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරු සූර්යකුමාර් යාදව්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් අතෙහි සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

පසුගිය 6 වැනිදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ

ඔහු වෙනුවට මුම්බායි කණ්ඩායම මෙතෙක් වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කර නැහැ.

මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මැදපෙල පිතිකරු ශිම්රන් හෙට්මයර් ද යළි කොදෙව් දේශය බලා පිටත ගොස් තිබෙනවා.

ඒ, ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.

කෙසේ වෙතත්, ඔහු යළිත් ඉදිරියේ දී කණ්ඩායම සමග එක් වනු ඇති බව සදහන්.