මුම්බායි ලීගයේ කණ්ඩායම් හිමිකරුවෙකුට වැඩ වරදියි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ඔම්බුඩ්ස්මන් විනිසුරු (විශ්‍රාමික) අරුන් මිශ්‍රා විසින් Mumbai T20 League තරගාවලියේ SoBo Supersonics කණ්ඩායමේ සම හිමිකරුවෙකු වූ Gurmeet Singh Bhamrah හට ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
ඒ, 2019 තරගාවලියේදී ධවල් කුල්කානි හා භවින් තක්කාර් යන ක්‍රීඩකයින් දෙදෙනා තරග පාවාදීම සදහා පොළඹවා ගැනීමට ගත් උත්සාහය හේතුවෙන්.
ඔහුට එරෙහිව පැනවූ තහනමේ කාලය පිළිබද තොරතුරු මෙතෙක් වාර්තා වන්නේ නැහැ.
කෙසේ වෙතත්, BCCI දූෂණ විරෝධී සංග්‍රහයට අනුව එය වසර පහේ සිට ජීවිතාන්තය දක්වා වන පරාසයක තහනමක් විය හැකියි.