Ultimate magazine theme for WordPress.

මිල්න් එක්දින තරගාවලියෙන් ඉවතට

ADVERTISEMENT

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් පාදයක ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට එංගලන්තය සමග මේ දිනවල පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු වෙනුවට බෙන් ලිස්ටර් සංචිතය සදහා කැදවීමට පියවර ගෙන තිබෙනවා.

පළමු එක්දින තරගයට පෙර කාර්ඩිෆ් හී දී පැවැති පුහුණුවීම් අතරතුර දී මිල්න් මෙම ආබාධයට ලක්ව ඇති බව සදහන්.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඇඩම් මිල්න් සිය පුනරුත්තාපන කටයුතු එංගලන්තයේ දී සිදු කිරීමට නියමිතව ඇති බවයි.

එංගලන්තය සමග පැවැත්වෙන තරග 4කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් නවසීලන්තය ජය වාර්තා කළ අතර, සෙසු තරග 3 දින පහක කාලයක් තුළ පැවැත්වීමට නියමිතයි.

බෙන් ලිස්ටර් මේ වන විටත් එංගලන්තයේ රැදී සිටින්නේ එරට ප්‍රාන්ත සිව්දින තරග ක්‍රීඩා කිරීම වෙනුවෙනුයි.

මේ සම්බන්ධයෙන් නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් දැක් වූ අදහස් –

“We have short turnarounds between these matches and want to try and look after the players as much as possible with the upcoming schedule,”

“With Ben already here in England it meant we could have him join the squad at short notice without the recovery time of a bowler joining from New Zealand mid-series.

“Ben impressed us in the UAE and warm-up matches in England and will continue to learn being around some senior players in the touring group,”

Leave a comment