මිනෝද් කියපු දේ කරමින් සංජු දැවී ගිය හැටි මෙන්න

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අද(23) සිය මංගල එක්දින කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.
ඒ, ඉන්දියාවට එරෙහි තෙවැනි එක්දින තරගයේ දී සංජු සැම්සන්ගේ කඩුල්ල දවා ගනිමින්.
ඒ වන විට සංජු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 46ක්.
මෙම කඩුල්ල දැවී ගිය ආකාරය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ, එම පන්දුව යොමු කිරීමට පෙර කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක විසින් ප්‍රවීන්ට ලබා දුන් උපදෙස් හා මිනෝද්ගේ අනුමාන කිරීම නිවැරැදි වීම හේතුවෙන්.
“දැන් පැනල ඇවිත් අතන්ට ගහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් මගට දාන්න හෙමීට” යනුවෙන් මිනෝද් සදහන් කළා.
ඔහු සදහන් කළ අයුරින්ම සංජු සැම්සන් ඉදිරියට පැන පහරක් එල්ල කළ අතර, එහිදී සංජු දැවී ගියේ අවිශ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් ලබා දෙමින්.