මිචෙල් හා පිලිප්ස්ගේ ඉනිම් හමුවේ නවසීලන්තය 4-0 ක් ලෙස ඉදිරියට
Match Report

ඩැරල් මිචෙල් හා ග්ලේන් පිලිප්ස්ගේ නොදැවුණු අර්ධ ශතක හමුවේ පාකිස්තානය සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 4-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තය අද(19) සමත් වුණා.
ක්‍රයිස්චර්ච් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 20 ක් තුළ බිද වැටුණේ පන්දුවාර 2.4 ක් තුළයි. අනතුරුව මිචෙල් හා පිලිප්ස් පන්දු 93 කින් නොබිදුණු ලකුණු 139 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් මෙම තරගාවලියේ සිය අපරාජිතභාවය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සමත් වුණා.
ඩැරල් මිචෙල් පන්දු 44කින් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේ හයේ පහර දෙකක් හා හතරේ පහර 7 ක් සමගින්. පිලිප්ස් පන්දු 52 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70 ක්. හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු තුනම දවා ගත්තේ ශහීන් ශාහ් අෆ්රිඩි විසින්.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 158 ක් ලබා ගත්තේ කඩුලු පහක් දැවී සිටියදීයි.
මොහමඩ් රිස්වාන් පන්දු 63 කින් ලකුණු 90ක් ලබා ගත්තා. හයේ පහර දෙකක් හා හතරේ පහර හයක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 22 කට කඩුලු දෙකක් ද, ලොකී ෆර්ගසන් ලකුණු 27 කට කඩුලු දෙකක් ද බිද හෙලුවා.