මිචෙල් – බ්ලන්ඩල් සබදතාවය හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව නවසීලන්තයට
Day 1 Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(10) නොටින්හැම් හී දී ආරම්භ වුණා.
පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 318ක්.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ටොම් බ්ලන්ඩල් ලකුණු 67ක් හා ඩැරල් මිචෙල් ලකුණු 81ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ල සදහා මේ වන විට ගොඩ නගා ඇති නොබිදුණු සබදතාවය ලකුණු 149ක්.
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක කේන් විලියම්සන් මෙම තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.
ඔහු වෙනුවට මෙම තරගයේ දී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන ටොම් ලේතම් ලකුණු 26ක් ද, විල් යන්ග් ලකුණු 47ක් ද රැස් කළා.
ඩෙවෝන් කොන්වේ ලකුණු 46යි. හෙන්රි නිකල්ස් ලකුණු 30කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් හා බෙන් ස්ටොක්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
What a shot from Daryl Mitchell – hopefully he'll get the guy another pint…#ENGvsNZ pic.twitter.com/uDm7cu3RrN
— Ian McDougall (@IanMcDougall1) June 10, 2022
Susan – the lady earlier who Daryl Mitchell’s pint hit – has been given a replacement by the Kiwi team 👏👏👏#ENGvNZ pic.twitter.com/53ig2R5cML
— England’s Barmy Army (@TheBarmyArmy) June 10, 2022