Ultimate magazine theme for WordPress.

මැතිව් වේඩ්ට වෙන්නේ මොකක්ද? බේලිගෙන් පැහැදිලි කිරීමක්

පන්දුවාර 20යි 20 පිටියේ ඔස්ට්‍රේලියානු කඩුලු රකික පිතිකරුවන් අතරින් තවදුරටත් ජාතික කණ්ඩායම වෙනුවෙන් පළමු තේරීම වන්නේ  මැතිව් වේඩ් බව එරට තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි පවසනවා.

2022-23 වසර සදහා කොන්ත්‍රාත් ගිවිසුම් පිරි නැමූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඔහු ඇතුළත් නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි සභාපතිවරයා ඒ බව සදහන් කළේ.

මැතිව් වේඩ් වෙනුවට මෙවර කොන්ත්‍රාත්තු හිමිව තිබුණේ 27 හැවිරිදි ජොෂ් ඉන්ග්ලිස්ටයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති 20යි 20 තරගාවලියේ දී යි ඉන්ග්ලිස් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ.

ජොෂ් ඉන්ග්ලිස් පාකිස්තානයේ පැවැති 20යි 20 තරගයේ දී ද කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කළා.