Ultimate magazine theme for WordPress.

මැතිව්ස් හා චන්දිමාල්ගේ ශතක හමුවේ දෙවැනි ටෙස්ට් තරගයේ පාලනය ශ්‍රී ලංකාවට

Tea Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි(26).

තේ පානය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 459ක් ලබා සිටියා.

ඇන්ජෙලෝ මැතිව්ස් අද සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර, ඔහු මේ වන විට නොදැවී ලකුණු 123ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 120යි. චන්දිමාල් අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 12 වැනි ශතකයයි.

මැතිව්ස් හා චන්දිමාල් අතර මේ වන විට 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 193ක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 80(155)ක්, ධනංජය ද සිල්වා ලකුණු 58(95)ක් හා ඕෂද ප්‍රනාන්දු ලකුණු 57(91) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් කඩුලු 3ක් හා එබඩොට් හොසේන් කඩුලු 2ක් දවා ගත්තා.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 94ක්.