මැතිව්ස් නොමැති ශ්‍රී ලංකා A සංචිතය ප්‍රකාශයට පත් කෙර්
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා.
සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.
පළමු හා දෙවැනි එක්දින තරග සදහා ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් මෙම සංචිතයට නම් කර නොමැති අතර, දෙවැනි එක්දින තරගය සදහා වන සංචිතයට නම් කළ සෙසු ක්‍රීඩකයින් සියලු දෙනා මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ඇන්ජෙලෝ මැතිව්ස් එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා සූදානම් වීමේ අරමුණින් නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කදවුරට මේ දිනවල එක්ව සිටිනවා.
ශ්‍රී ලංකා A කණ්ඩායම හා ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය හෙට (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම් දෙක අතර පැවැති පළමු තරගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 4ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම ජය වාර්තා කළේ ලකුණු 86 කින්.
ඊට පෙර කණ්ඩායම් දෙක අතර පැවැති තරග දෙකකින් යුත් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-0 ක් ලෙස ජය පරාජයෙන් තොරවයි නිමා වුණේ.
ශ්‍රී ලංකා A සංචිතය –
- Lasith Croospulle
- Nuwanidu Fernando
- Lahiru Udara
- Sadeera Samarawickrama (Wk) (C)
- Nipun Dhananjaya
- Sahan Arachchige
- Dunith Wellalage
- Suminda Lakshan
- Kavishka Anjula
- Isitha Wijesundera
- Dushan Hemantha
- Amshi De Silva
- Avishka Fernando
- Pramod Madushan