Ultimate magazine theme for WordPress.

මැතිව්ස් – චන්දිමාල් ශ්‍රී ලංකාව ස්ථාවර කරයි

Tea Report

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි (24).

ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියා.

තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 36 ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 35 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තේ පානයට තරගය නතර කිරීමට මිනිත්තු 3ක් ඉතිරිව තිබියදී මැතිව්ස් ලබා දුන් පහසු උඩ පන්දුවක් බබාර් අසාම් අතින් ගිලිහී යාම විශේෂත්වයක්.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85 ක්.

දිමුත් කරුණාරත්න ලකුණු 40 කට දවා ගැනීමට යසීර් ශාහ් සමත් වුණා. රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී නසීම් ශාහ් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි දිමුත් දැවී ගියේ.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු ලකුණු 50 කට මොහමඩ් නවාස්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 3ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි.