Ultimate magazine theme for WordPress.

මැතිව්ස්ට එක්දින තරග සදහා කැදවීමක්

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් නම් කෙරුණු ශ්‍රී ලංකා ‘A’ සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (13) නිවේදනය කළා.

ක්‍රිකට් ආයතනය සදහන් කළේ පළමු එක්දින තරගය සදහා වන අවසන් 11 දෙනාගේ කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයෙන් තෝරා ගන්නා බවයි.

සංචිතය සදහා එක්දින හා 20යි 20 ජාත්‍යන්තර තරග සදහා මෑතකදී සලකා නොබැලුණු ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ද නම් කර තිබීම විශේෂත්වයක්.

සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් සංචිතයට චාමික කරුණාරත්න ද ඇතුළත්.

ශ්‍රී ලංකා A කණ්ඩායම හා ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග 3  පිළිවෙලින් පෙබරවාරි 15, 18 හා 21 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර පැවැති තරග දෙකකින් යුත් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-0 ක් ලෙස ජය පරාජයෙන් තොරව පසුගියදා නිමා වුණා.

ශ්‍රී ලංකා A සංචිතය –

01) Avishka Fernando
02) Lasith Croospulle
03) Nuwanidu Fernando
04) Angelo Mathews
05) Sadeera Samarawickrama – (WK) – Captain
06) Sahan Arachchige
07) Chamika Karunaratne
08) Praveen Jayawickrama
09) Pramod Madushan
10) Dushan Hemantha
11) Milan Rathnayake
12) Kavishka Anjula
13) Lahiru Udara
14) Nipun Dhananjaya
15) Suminda Lakshan