මැක්ස්වෙල්ට දකුණු අපි‍්‍රකා තරගාවලිය අහිමි වෙයි – අයි පී එල් අහිමි වීමේත් අවධානමක්

0 385

ඔස්ට්‍රේලියානු  පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්ට එළඹෙන දකුණු අප‍්‍රිකා තරග සංචාරය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වැලමිටක ඇති වී තිබෙන ආබාධයක් හේතුවෙන්.

ඔහු වෙනුවට ඩර්සි ශෝර්ට් ඔස්ට්‍රේලියානු  සංචිතවලට කැදවා ඇති බව සදහන්.

ආබාධය හේතුවෙන් මැක්ස්වෙල් ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිත අතර, ඒ අනුව ඔහුට සති 8ක් පමණ ක‍්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති.

ආබාධය නිසා මැක්ස්වෙල්ට අයි.පී.එල් තරගාවලියේ තරග කිහිපයක් ද අහිමි වීමේ අවධානමක් මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 21 වනදා ආරම්භ වන අතර, තරග 3කින් යුත් එක්දින තරගාවලිය එළඹෙන 29 වනදා ආරම්භ වනු ඇති.

You might also like

Leave A Reply

Your email address will not be published.