Ultimate magazine theme for WordPress.

මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව නිවේදනය කෙරේ

සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නේපාලයේ Sandeep Lamichhane නම් කර තිබෙනවා.

ඒ, මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා නිර්දේශිත නාම අතරට ඇතුළත්ව සිටි බංග්ලාදේශයේ නසුම් අහ්මඩ් හා අමෙරිකාවේ Jaskaran Malhotra පරාජයට පත් කරමින්.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන ලීග් 2 යටතේ Lamichhane ඉහළ දක්ෂතා දැක් වීම හේතුවෙන් ඔහුව මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා.

එහිදී ඔහු එක්දින තරග 6කදී බිද හෙලූ කඩුලු ගණන 18ක්.

මේ අතර, අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තේරී පත් වුණේ එංගලන්ත නායිකා හෙදර් නයිට් (Heather Knight).