මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොන්වේ නම් කෙරේ

ජූනි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නවසීලන්තයේ ඩෙවෝන් කොන්වේ නම් තිබෙනවා.
ඒ, එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී වාර්තා කළ ද්විත්ව ශතකය හා අනතුරුව ක්‍රීඩා කළ තරග දෙකේ දී වාර්තා කළ අර්ධ ශතක හේතුවෙන්.
ඩෙවෝන් කොන්වේට අමතරව කයිල් ජමිසන් හා දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් ද අයි.සී.සී මාසයේ ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත්ව තිබුණා.
මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර ඇත්තේ එංගලන්තයේ Sophie Ecclestone.
ඊට අදාළ නිර්දේශිත නාම අතරට ඉන්දියාවේ Sneh Rana සහ Shafali Verma ද ඇතුළත්ව සිටියා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් සහ අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් හි (ICC Hall of Fame) සාමාජිකයින් ඇතුළත් ස්වාධීන අයි.සී.සී මනාප ඇකඩමියේ මනාප (90%) හා ප්‍රේක්ෂක මනාපයන් (10%) ද සැලකිල්ලට ගනිමින් අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරා ගනු ලබනවා.