මාසයේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම අයි.සී.සීය නිවේදනය කරයි

පසුගිය අප්‍රේල් මාසයට අදාළ මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(3) නිවේදනය කළා.
මාසයේ ක්‍රීඩකයා සදහා නිර්දේශිත නාම තුනක් ද, මාසයේ ක්‍රීඩිකාව සදහා නිර්දේශිත නාම 3ක් ද ප්‍රකාශයට පත් කිරීමටයි අයි.සී.සීය කටයුතු කර ඇත්තේ.
ඒ අනුව මාසයේ ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම වන්නේ දකුණු අප්‍රිකාවේ කේෂාව් මහරාජ්, දකුණු අප්‍රිකාවේම සයිමන් හාමර් හා ඕමානයේ Jatinder Singh යන ක්‍රීඩකයින්.
ඔස්ට්‍රේලියාවේ Alyssa Healy, එංගලන්තයේ Nat Sciver හා උගන්ඩාවේ Janet Mbabazi යන ක්‍රීඩිකාවන් මාසයේ ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම අතරට අයත්.