මාෂ් ඉතිරි එක්දින තරග පහෙන් ඉවතට

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක හා නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහු මේ වන විට වළලුකර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් එලෙස එම තරගවලින් ඉවත් වීමට සිදුව ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය ටවුන්ස්විල් හී දී පැවැත්වෙන අතර, ආබාධය නිසා ඔහු යළි පර්ත් නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇති බව සදහන්.
සැප්තැම්බර් 21 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
මිචෙල් මාෂ් වෙනුවට ජොෂ් ඉන්ග්ලිස් ඉතිරි එක්දින තරග 5 සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට කැදවීමට පියවර ගෙන තිබෙනවා.