Ultimate magazine theme for WordPress.

මාලිංගගේ IPL වාර්තාව බ්‍රාවෝ සම කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ සම පළමු ස්ථානය හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව බිද හෙලූ කඩුලු 3ත් සමගයි.

ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් ඔහු මෙම කඩුලු 3 දවා ගත්තා.

ඒ අනුව බ්‍රාවෝ මේ වන විට ඉනිම් 149කදී බිද හෙලා ඇති කඩුලු ගණන 170ක්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද කඩුලු 170ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ සම පළමු ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.

මාලිංග කඩුලු 170 දවා ගැනීම සදහා ක්‍රීඩා කර ඇති ඉනිම් සංඛ්‍යාව 122ක්.