Ultimate magazine theme for WordPress.

මාර්ක් වුඩ්ට IPL අවසන් අදියරේ තරග රැසක් අහිමි වන ලකුණු

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් අදියරේ තරග රැසක් අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, ඔහු හා ඔහුගේ බිරිද මැයි මස අගදී ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින්.

ඒ අනුව මාර්ක් වුඩ් ඒ වෙනුවෙන් ඉදිරි සති කිහිපයේ දී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මාර්ක් වුඩ්ට ලක්නව් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු මේ දක්වා මෙවර තරග වාරයේ දී තරග 4 කදී කඩුලු 11 ක් බිද හෙලීමට සමත්ව තිබෙනවා.