මාර්ක් වුඩ්ට මාස 4 ක් ක්‍රිකට් අහිමි වෙයි

වම් දණහිසේ සිදු කළ ශල්‍යකර්මයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මර්ක් වුඩ්ට මාස 4ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සීටීමට සිදුව තිබෙනවා.
ඒ අනුව එළඹෙන ගිම්හාන තරග වාරයේදී ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.
කෙසේ වෙතත්, මෙම වසරේදී පැවැත්වෙන අලුබදුන ටෙස්ට් තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
35 හැවිරිදි ඔහු නිමා වූ ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදීයි මෙම ආබාධයට මුහුණ දුන්නේ. ඒ අනුව ඔහු ලන්ඩන්හීදී වම් දණහිසේ ශල්‍යකර්මයට මුහුණ දී ඇති බව සදහන්.