මාක්‍රම්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

0 37

දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ඒඩ්න් මාක්‍රම්ට ඉන්දියාව සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහුගේ දකුණු අතෙහි සිදුවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ආබාධයක් හේතුවෙන් දග පන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ්ට ද මෙම ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව මේ වන විටත් තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත්ව අවසන්.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන 19 වනදා රංචි හී දී ආරම්භ වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.