මාක්‍රම්ගේ ශතකය පළමු දිනයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට හිමි කර දෙයි
Day 1 Report
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද(28) සෙන්චූරියන් හී දී ආරම්භ වුණා.
පළමු තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Gerald Coetzee හා Tony de Zorzi ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 314 ක්.
ආරම්භක කඩුල්ල සදහා ඩීන් එල්ගර් හා ඒඩ්න් මාක්‍රම් ලකුණු 141 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.
එල්ගර් ලකුණු 71 කට දැවී ගිය අතර, මාක්‍රම් ලකුණු 115 ක් රැස් කළා. හතරේ පහර 18 ක් මාක්‍රම්ගේ ඉනිමට ඇතුළත්. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ Tony de Zorzi ලකුණු 28 ක් ලබා ගත්තා.
ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස පත් වීමෙන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ටෙම්බා බවුමා දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.
කීගන් පීටර්සන් ලකුණු 14කටත්, හෙන්රික් ක්ලාසෙන් ලකුණු 20 කටත්, සෙනුරන් මුතුසාමි ලකුණු 3කටත්, කාගිසෝ රබාඩා ලකුණු 8 කටත් දැවී ගියා.
මාර්කෝ ජන්සෙන් නොදැවී ලකුණු 17 ක් හා Gerald Coetzee නොදැවී ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 60 කට කඩුලු 3 ක් දවා ගත්තා.