මහේල ICC Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ICC Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
ඔහුට අමතරව එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩිකා Janette Brittin හා දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක් ද එම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත්තේ.
මීට පෙර ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් ද අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා.