Ultimate magazine theme for WordPress.

මහේලට සමරු හිස් වැසුම ලොයිඩ් පිරිනමයි

අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් (ICC Hall of Fame) හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊට අදාළ සමරු හිස් වැසුම අද(14) පිරිනැමුවා.

හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායකයෙකු සහ හෝල් ඔෆ් ෆේම් සාමාජිකයෙකු වන ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ් විසිනුයි එම සමරු හිස් වැසුම පිරිනැමුවේ.

2007 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී හා 2012 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ICC Hall of Fame ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කළේ ඊයේ(13) දිනයේ දී යි.

ඔහුට අමතරව එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩිකා Janette Brittin හා දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක් ද එම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තා.

මීට පෙර ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් ද අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා.

Leave a comment
logo