මහානාම විදුහලේ 2024 / 2025 ක්‍රිකට් සැසිවාරයට FHTS මෘදුකාංග නිෂ්පාදන සමාගමෙන් අනුග්‍රහය

මහානාම විදුහලේ 2024 / 2025 ක්‍රිකට් සැසිවාරය සඳහා නව අනුග්‍රාහයකයන් හඳුන්වා දීමක් පසුගියදා සිදු කරනු ලැබුවා.
මෙහි විශේෂත්වය වන්නේ එම පාසලේම අධ්‍යාපනය හදාරා ඇති ආදි සිසුන් දෙදෙනෙකු වන නිලාන් මිහිඳුකුලසූරිය හා නිසල් කරුණාතිලක යන මහත්වරුන් විසින් 2017 වසරේදී ආරම්භ කරන ලද මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන FireHouse Technology Services (FHTS) සමාගම මෙලෙස අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටීමයි.
ඔවුන් 2017 වසරේ සිට ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ තම ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කර ගැනීමට සමත් වී ඇති අතර ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන්ගේ දක්ෂතාවයන් පදනම් කර ගනිමින් මෙම සේවා සැපයීම සිදු කරමින් පවතිනවා.