මහ්මුදුල්ලාහ් ටෙස්ට් පිටියට සමු දෙයි

බංග්ලාදේශ 20යි 20 කණ්ඩායමේ නායක මහ්මුදුල්ලාහ් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
මහ්මුදුල්ලාහ් මේ සම්බන්ධයෙන් මීට පෙර කණ්ඩායමේ සාමාජිකයින් වෙත දැනුම් දී තිබූ නමුත්, නිල වශයෙන් මෙතෙක් එය නිවේදනය කර තිබුණේ නැහැ.
ජූලි මාසයේ හරාරේහී දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගයක් අතරතුර දී යි ඔහු මේ බව කණ්ඩායමේ සාමාජිකයින්ට පවසා තිබුණේ.
එම තරගයේ දී බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 150ක් රැස් කිරීමට ද සමත් වුණා.
ඔහු ටෙස්ට් පිටියෙන් සමු ගත්තද තවදුරටත් එක්දින හා 20යි 20 තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.