Ultimate magazine theme for WordPress.

මහ්මුදුල්ලාහ් ටෙස්ට් පිටියට සමු දීමේ තීරණයක

බංග්ලාදේශ පිතිකරු මහ්මුදුල්ලාහ් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ බව ඔහු විසින් කණ්ඩායමේ සාමාජිකයින් වෙත දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හරාරේහී දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ දී ඔහු මේ බව පවසා ඇති බව සදහන්.

මෙම තරගයේ දී බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 150ක් රැස් කිරීමට ද සමත් වුණා.

මෙය ඔහුගේ 50 වන ටෙස්ට් තරගය වන අතර, මාස 18කට පසුව මහ්මුදුල්ලාහ් ජාතික ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද මෙයයි.

Leave a comment