Ultimate magazine theme for WordPress.

මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර 39 හැවිරිදි ඔහු 2021 වසරේ දී ටෙස්ට් පිටියට ද, 2024 වසරේ දී විස්සයි 20 ජාත්‍යන්තර පිටියට ද සමු දී තිබුණා.

ඔහු අද(12) දිනයේදී සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක් කරමින් සදහන් කර සිටියේ තමන් එක්දින ජාත්‍යන්තර පිටියට ද සමු දෙන බවයි.

එක්දින තරග 239 කදී මහ්මුදුල්ලාහ් රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාවය 5,689 ක්.

බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරුවෙකු එක්දින ජාත්‍යන්තර පිටියේදී වාර්තා කර ඇති සිව්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ද එයයි.