මහරුෆ්ට බංග්ලාදේශයෙන් නව වගකීමක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම් එළඹෙණ බංග්ලාදේශ තරග සංචාරයේ ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරක ෆර්විස් මහ්රුෆ් පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ඇතැම් තරග සදහා ඔහු මීට පෙර විස්තර විචාරයෙන් දායක වුව ද, වෙනත් විදෙස් කණ්ඩායම් දෙකක් තරග වදින අවස්ථාවක ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස ඔහු කටයුතු කරන පළමු අවස්ථාව මෙයයි.
ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව මහරුෆ් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කළමණාකරු ලෙස ද කලක් කටයුතු කළා.
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට 20යි 20 තරග 5ක් ඇතුළත්.
එම තරගාවලිය අගෝස්තු 2-8 කාලයේ දී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.