මහනුවරට එරෙහි අවසන් සටනට යාපනය සුදුසුකම් ලබයි
Match Report
ජාතික සුපර් ලීග් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට යාපනය කණ්ඩායම අද(16) සමත් වුණා.
ඒ, තරගාවලියේ 20 වැනි තරගයෙන් කොළඹ කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.
දඹුල්ල ක්රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 195ක් රැස් කළා.
රොෂේන් සිල්වා නොදැවී ලකුණු 64(77)ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී නුවන් ප්රදීප් හා ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ යාපනය පිල පන්දුවාර 46.5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්රහනය වාර්තා කළා.
නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 79(93)යි. පන්දු යැවීමේ දී තරිදු රත්නායක කඩුලු 2ක් දවා ගත්තා.
ඒ අනුව එළඹෙන 19 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගනයේ දී දිවා රාත්රී තරගයක් ලෙස පැවැත්වෙන අවසන් තරගයේ දී මහනුවර කණ්ඩායමට එරෙහිව යාපනය කණ්ඩායම තරග වැදීමට නියමිතයි.
තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ මහනුවර කන්ඩායම දිනා ගත්තේ ක්රීඩා කළ තරග 8න් තරග 6ක් ජය ගනිමින්.(ප්රසාද ලකුණු 30ක්)
දෙවැනි ස්ථානය දිනා ගත් යාපනය කණ්ඩායම තරග 8කදී ජයග්රහන 5ක් වාර්තා කළා.(ප්රසාද ලකුණු 22)