Ultimate magazine theme for WordPress.

මලික් හා සර්ෆරාස් පාකිස්තාන T20 සංචිතයෙන් ඉවත් කරයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත 20යි 20 හා එක්දින තරගාවලි සදහා වන පාකිස්තාන සංචිත අද(2) ප්‍රකාශයට පත් කෙරුණා.

ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම් හා සර්ෆරාස් අහ්මඩ් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 20යි 20 සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී විවේක ගැන්වීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇති අතර, මොහොම්ඩ් හස්නයින් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

හසන් අලී එක්දින තරගාවලියෙන් ද විවේක ගන්වා තිබෙනවා.

සර්ෆරාස් අහ්මඩ් එක්දින සංචිතයේ ද ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වි නැහැ.

අසිෆ් අලී, හෙයිදර් අලී, ඉෆ්ටිකාර් අහ්මඩ්, කුෂ්දිල් ශාහ් හා මොහොමඩ් වසීම් එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය හා තරග 3කින් යුත් එක්දින තරගාවලිය ලබන 13 වැනිදා සිට 22 වැනිදා දක්වා කරච්චිහී දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය හා යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ සංචිතය ද අද ප්‍රකාශයට පත් කෙරුණා.

T20I Squad:

Babar Azam (C), Shadab Khan (VC), Asif Ali, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan (Wk), Mohammad Wasim Jnr, Shaheen Shah Afridi, Shahnawaz Dahani, Usman Qadir

ODI Squad:

Babar Azam (captain), Shadab Khan (vice-captain), Asif Ali, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Imam-ul-Haq, Khushdil Shah, Mohammad Nawaz, Mohammad Rizwan (wicketkeeper), Mohammad Wasim Jnr, Mohammad Hasnain, Saud Shakeel, Shaheen Shah Afridi, Shahnawaz Dahani Usman Qadir

Under-19 Squad for Asia Cup and World Cup:

Qasim Akram (captain), Abdul Faseeh, Abdul Wahid Bangalzai, Ahmed Khan, Ali Asfand, Arham Nawab, Awais Ali, Faisal Akram, Naseebullah (wicketkeeper, Irfan Khan Niazi, Maaz Sadaqat, Mehran Mumtaz, Mohammad Shehzad, Rizwan Mehmood, Zeeshan Zameer

Leave a comment