මලික්ගෙන් විශ්‍රාම ගැනීම ගැන ඉගියක්

0 127

සිය විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආසන්නයේ දී තීරණය කරන බව පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ තරගාවලියට තවත් බොහෝ කලක් ඇති බැවින් මේ මොහොතේ තම විශ්‍රාම ගැනීම පිළිබද කිසිවක් නිසි පරිදි ප්‍රකාශ කළ නොහැකි බවයි.

2020 ලෝක කුසලාන 20යි 20 තරගාවලිය ලබන ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ දී යි.

“ලෝක කුසලානයට තවත් කල් තියෙනවා. මම දැන් හිතන්නේ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සහ ඉදිරියේ දී පාකිස්තානයට ක්‍රීඩා කිරීමට ඇති තරග සම්බන්ධයෙන් පමණයි. ලෝක කුසලානය ආසන්න වෙනකොට මම තීරණයක් ගන්නව මොකක්ද කළ යුත්තේ කියලා.”

යනුවෙන් 38 හැවිරිදි ෂොයිබ් මලික් PTI පුවත් සේවය වෙත සදහන් කළා.

“මට සිද්ධ වෙනව ලෝක කුසලානය ආසන්න වෙනකොට මගේ ශාරීරික යෝග්‍යතාවය සහ කණ්ඩායමේ මගේ ස්ථානය පිළිබද අවබෝධයක් ලබා ගන්න. අනතුරුව මම තීරණයක් ගන්නව මගේ අවසන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන්”

ෂොයිබ් මලික් මේ වන විටත් ටෙස්ට් සහ එක්දින තරග රටාවලින් සමු ගෙන අවසන්.

You might also like

Leave A Reply

Your email address will not be published.