මලාන් ඉන්දියාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතයට

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා ඩාවිඩ් මලාන් (Dawid Malan) නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඔහු ටෙස්ට් සංචිතයට කැදවා ඇත්තේ වසර 3කට පමණ පසුව වීම විශේෂත්වයක්.
වේග පන්දු යවන ක්‍රීඩක සකිබ් මහ්මූද් ද සංචිතයට නම් කිරීමටයි පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් තීරණය කර ඇත්තේ.
සැක් ක්‍රව්ලි හා ඩොම් සිබ්ලි සංචිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන් දෙදෙනා පිළිවෙලින් Kent සහ Warwickshire ප්‍රාන්ත කණ්ඩායම් සමග එක් වීමට නියමිතයි.
මේ අතර, දකුණු උරහිසේ ආබාධයකට ලක්ව සිටින මාර්ක් වුඩ්ට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ 3 වන තරගය ලබන 25 වනදා ලීඩ්ස් හී දී ආරම්භ වීමට නියමිතයි.
England squad :
Joe Root (c), Moeen Ali, James Anderson, Jonathan Bairstow, Rory Burns, Jos Buttler, Sam Curran, Haseeb Hameed, Dan Lawrence, Saqib Mahmood, Dawid Malan, Craig Overton, Ollie Pope, Ollie Robinson, Mark Wood